• කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ
    පෙර කරන ලද පින් ඇත්තෝ මෙලොව ජනිත වන විට පින් නැමති සෙවනැල්ල මෙහි ගෙන එති යි යන බුදු වදන සපත කරමින් වරකාපොල කුකුල්පනේ ගම් පියසේ සහෝදරියන් තිදෙ‍නෙකුට සහ සහෝදරයන් පස් දෙනෙකුට කනිටුව ජී.ආර්.මුදියන්සේ සහ ජී.කේ.බේබිනෝනා දෙගුරුන්ට දාව 1973.06.08 වැනි දින මෙලොව එළිය දුටු සුමිත් ජයලාල් කුමරුවා මව්පිය සෙවනේ වැඩෙද්දී මූලික අධ්‍යාපනය ලැබුවේ තල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් […]
  • පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ
    “පියෝ ච ගරුභාවනීයෝ – වත්තා ච වචනක්ඛමෝගම්භීරං ච කථං කත්තා – නො චට්ඨානේනියෝජයේ “ යමෙක් ස්වකීය ශීල සම්පත්තියෙන් ශිෂ්‍යයන්ට ප්‍රිය වන්නේ ද, ගරු වන්නේ ද, සම්භාවනා කටයුතු වන්නේ ද, ශිෂ්‍යයන්ට අවවාද කරන්නේ ද, චෝදනා ආකාරයෙන් ප්‍රශ්න අසන විට ඉවසන සුලු වන්නේ ද, ගැඹුරු ධර්ම කියා දෙන්නේ ද, සිය සිසුන් සුදුසු තැන්හිම යොදන්නේ ද, ඒ උතුම් […]
  • රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන්
    පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරැකාන නම් අප්‍රසිද්ධ ගමයි. ගිහි නම රූබෙල් ගුණවර්ධන. සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමලා මහනාහිමිපාණන් වහන්සේ ය. […]
  • ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
    දීර්ඝ යටත් විජිත පාලනයකින් නිදහස ලැබූ ශ්‍රී ලංකාව තුළ බෞද්ධයන් යටපත් කර කතෝලික ආගම සහ ඉංග්‍රීසි උගත් බටහිර සංස්කෘතිය වැළඳගත් සමාජයේ ඊට අනුකූලව රැකියා බෙදී යාම සමාජ වරප්‍රසාද ලැබීම වැළැක්විය නොහැකි විය. ඊට ප්‍රති විරුද්ධව සිංහල සමාජය ගොඩනැගීමත් බෞද්ධයන් ආගමික දැනුමින් පෝෂණය කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් විය. මේ සංස්කෘතික වෙනස උදෙසා පානදුරා වාදාදී වාද අනගාරික ධර්මපාල තුමාගේ […]